පාකිස්තානු ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නියෝජිතයින් පිරිසක් අද (22) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එම නියෝජිතයින් පිරිසට පාකිස්තානයේ, කරච්චි නැව් තඨාකංගණ කළමණාකරන අධ්‍යක්ෂක සහ ඉංජිනේරු ක්‍රියාකාරකම්, රියර් අද්මිරාල් සයිඩ් හසන් නසීර් සාහ් මහතා, කපිතාන් එම් ජහන්සීබ් අහ්සාන් මහතා, කපිතාන් හම්මඩ් අහමඩ් මහතා සහ ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) පීඑන් එසාම් මහතා ඇතුළත් විය.