චීන නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
 

අද (31) දින, මෙරටට පැමිණි චීන සමූහාන්ඩුවට අයත් නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. ඒ අනුව මහජන චීන සමූහාන්ඩු නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් ෂෙන් හාඕ මහතා, ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් හූ ජයි, කපිතාන් වොන්ග් හොන්ග්බින් සහ කපිතාන් ෂොව් බෝජුන් යන මහත්වරුන් මෙසේ නාවික හමුදාධිපතිතුමන් හමු වී ඇත.

\