ශ්‍රී ලංකා සහ චීන නාවික හමුදා කණ්ඩායම් අතර සුහඳ තරඟාවලි කිහිපයක්
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (නොවැම්බර් 10) කොළඹ වරායට සේන්දු වූ චීන නාවික නෞකා කී ජි ගුආන්ග් හි ක්‍රීඩා කණ්ඩායම් සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් එක්ව අද වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහඳ ක්‍රීඩා තරඟ කිහිපයක් පවත්වන ලදී.

එහිදී පාපන්දු සහ පැසිපන්දු තරඟාවලි පැවැත්වූ අතර, ක්‍රීඩා හැකියාවන් මනාව විදහාපාමින් ක්‍රියාශීලි සහ උද්යෝගිමත් ලෙස ඔවුන් එම තරඟ සඳහා සහභාගී විය. තවද ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන නිලධාරීන් හට ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අභ්‍යාසයක් ද එහිදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවන් දෙරටේ නාවික හමුදා පුද්ගලයින් හට නව අත්දැකීමක් ගෙන දෙන්නක් විය.