නාවික හමුදාවේ දායකත්වයෙන් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් ජනතා අයිතියට
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් පසුගිය නොවැම්බර් 17 වන දින නිමාවට පත් විය.

19 Nov 2018

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් වැලිඔය ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද වෛද්‍ය කඳවුර සඳහා නාවික හමුදා සහාය
 

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine) විසින් පසුගිය නොවැම්බර් 17 වන දින වැලිඔය, පරණගම වැව විද්‍යාලයේදී විශේෂ ක්‍ෂේත්‍ර සෞඛ්‍ය සායන ඇතුළුව වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.

19 Nov 2018

යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපතිතුමන් නැගෙනහිර නාවික විධාන ආඥාපතිතුමන් හමුවෙයි
 

යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපති, මේජර් ජෙනරාල් කේපීඒ ජයසේකර මහතා පසුගිය නොවැම්බර් 17 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා හමු විය.

19 Nov 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය පසුගිය නොවැම්බර් 12 වන දින සිට දින 06 ක් පුරා ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ක්‍රීඩා පිටියේදී පවත්වන ලද අතර, ඒ සඳහා සියළු නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගීවි සිටියහ.

19 Nov 2018

කොළඹ, කොටුව ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

කොළඹ කොටුව, කුමාර වීදියේ මහල් වෙළෙඳසැලක ඉහල මාලයේ ඊයේ (නොවැම්බර් 16) හදිසියේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමේ කටයුතු සඳහා නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය සිය දායකත්වය සපයන ලදී.

17 Nov 2018

ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම ඊයේ (නොවැම්බර් 16) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

17 Nov 2018

ශ්‍රීලංනානෞ ජගතා නෞකාව සිය අභිමානවත් 27 වන සංවත්සරය සමරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුර සංචාරක නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාව පසුගිය නොවැම්බර් 14 වන දින සිය අභිමානවත් 27 වන සංවත්සරය සමරන ලදී.

16 Nov 2018

නාවික හමුදා ජිවිතාරක්‍ෂක පුහුණු අභ්‍යාසයක් කිලාලී කලපුවේදී
 

ගංවතුර හා අනෙකුත් ස්වභාවික ආපදා තත්වයන් හීදී මුදවා ගැනීමේ මෙහෙයුම් වලදී ජිවිතාරක්‍ෂක ක්‍රම පිළිබඳව වු පුහුණු අභ්‍යාසයක් පසුගිය නොවැම්බර් මස 14 වන දින කිලාලී කලපුවේ සංගුපිඩ්ඩි ප්‍රදේශයේදී සාර්ථකව නිමාවට පත්විය.

16 Nov 2018

68 වන නාවික දිනයට සමඟාමිව ක්‍රිස්තියානි දේව මෙහෙයක් කොළඹදී
 

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සර සැමරුම එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදි ඇති අතර, ඒ අනුව නාවික හමුදා දිනයට සමඟාමිව පවත්වනු ලබන ක්‍රිස්තියානි දේව මෙහෙය ඊයේ (නොවැම්බර් 13) කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේදී පැවැත්විණි.

14 Nov 2018

‘කළු ග‍ඟ’ ජලාශයෙහි සිදු කළ නාවික හමුදා කිමිදුම් මෙහෙයුම
 

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් විසින් මාතලේ, ලග්ගල ප්‍රදේශයේ පිහිටි ‘කළු ගඟ’ ජලාශයේ ගිලි තිබූ බුල්ඩෝසරයක් ගොඩගැනීම සඳහා කිමිදුම් මෙහෙයුමක් පසුගිය නොවැම්බර් 09 වන දින ආරම්භ කළ අතර, එම බුල්ඩෝසරය සාර්ථකව ගොඩගැනිමට එම නාවිකයින් කටයුතු කරන ලදී.

14 Nov 2018