ත්‍රිකුණාමලයේ වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ගැනීමට තවදුරටත් නාවික හමුදා සහාය

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණිම් සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් සිදු කිරීමට භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කරන ලදී.

22 Feb 2019

කොමාණ්ඩර් රංජිත් විමලරත්න මහතා ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාකර මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් රංජිත් විමලරත්න මහතා අද (පෙබරවාරි 22) වැඩ භාර ගන්නා ලදී.

22 Feb 2019

කේරළ ගංජා කිලෝග්‍රෑම් 03.83 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් හා එක්ව ඊයේ (පෙබරවාරි 21) කුරුණැගල, කරබේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.83 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

22 Feb 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 21) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

22 Feb 2019

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු මැද නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් මඟින් අරිප්පු ප්‍රදීපයට (Beacon) ප්‍රදේශයට වයඹ දෙසින් වූ මුහුදේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

22 Feb 2019

නාවික හමුදාධිපතිතුමන් ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (පෙබරවාරි 20) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

21 Feb 2019

ත්‍රිකුණාමලයේ වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ගැනීම සඳහා නාවික හමුදා සහාය

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණිම් සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් සිදු කිරීමට භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා ඇති අතර, මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින්ගේ ද සහාය ලබා ගැනීමට කටයුතු කර ඇත.

21 Feb 2019

කපිතාන් නලින් නවරත්න මහතා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ ‍නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් නලින් නවරත්න මහතා අද (පෙබරවාරි 21) වැඩ භාර ගන්නා ලදී.

21 Feb 2019

ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අබුඩාබිහිදි වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි

පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ කරන ලද ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සහභාගී වූ සයුරළ නෞකාව ඊයේ (පෙබරවාරි 20) වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.

21 Feb 2019

දියේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

මාඋස්ස කැලේ ජලාශයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (පෙබරවාරි 20) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව අද උදෑසන එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

21 Feb 2019