• Home
  • >>
  • සේවා වනිතා පුවත්
  • >>
  • ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍රපාසලේ දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
     

ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍රපාසලේ දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික පෙර පාසලේ දරු දැරියන්ගේ 2017 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 07 වන දින බූස්ස ශ්‍රී ලංනානෞ නිපුණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මැතිණිය සහභාගී විය. එහිදී පෙර පාසල් දරු දැරියන් විසින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ආරාධිත අමුත්තන් විසින් චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් පසුව විවිධ ප්‍රසංගය ආරම්භ කෙරිණි. පෙර පාසලේ දරු දැරියන්ගේ නර්ථන, ගායන සහ අනෙකුත් ඉදිරිපත් කිරීම් වලින් අලංකාරවත් වූ එම අවස්ථාව සඳහා සහභාගී වූ සියළුම දරු දැරියන් හට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහ අනෙකුත් ආරාධිත අමුත්තන් අතින් ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී. එමෙන්ම, එම කර්තව්‍ය උසස් අයුරින් සංවිධානය කොට පැවැත්වීම අගය කරනු වස් පෙර පාසලේ ගරුවරුන් සහ සහායිකාවන් හට ත්‍යාග වව්චර් පත් පිරිනැමීම ද එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, පෙර පාසලේ ගුරුවරුන්, දරු දැරියන් මෙන්ම දෙමාපියන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.