• Home
  • >>
  • සුනඛ සංචිතයට නව සාමාජිකයන් 6 ක් එක්වේ
     

සුනඛ සංචිතයට නව සාමාජිකයන් 6 ක් එක්වේ
 

නාවික හමුදා සුනඛ සංචිතයට නව සාමාජිකයින් 6 දෙනෙකු එක්ව ඇත. ඩොබර්මන් වර්ගයට අයත් මෙම සුනඛ පැටවුන් 6 දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන අතර සිය ස්වාමීන්ගේ නිසි අවධානය යටතේ කෙළිදොලෙන් කාලය ගත කරනු ලබයි. සුවිශේෂිත වූ රාජකාරීන් සඳහා යෙදවීම පිණිස නාවික සුනඛ සංචිතය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලැබේ.

නිසි වර්ධනයට  පත්වීමෙන් අනතුරුව මෙම සුනඛයින් ආරක්ෂක රාජකාරි සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයට ලබා දීමට බලාපොරාත්තු වේ.