ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ ඉදිකරන ලද නව යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල විවෘත කෙරේ.

සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය සඳහා වන නව ගොඩනැගිල්ල 2020 ජුලි මස 04 වන දින විවෘත කිරීම සිදු කරන ලදි.

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මඟ පෙන්වීම යටතේ අභිනවයෙන් ඉදිකරන ලද මෙම යෝගට් ව්‍යාපෘතිය සඳහා වන නව ගොඩනැගිල්ල 2020 ජුලි මස 04 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සහභාගීත්වයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සුරතින් විවෘත කිරීම සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක් සහභාගි වී සිටින ලදි.