සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් දෙදෙනෙක් වෙනුවෙන් සමුගැනිමේ සාදයක්.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය සහ උප සභාපතිනිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද රම්‍යාණි වික්‍රමසිංහ මැතිණිය හා රුක්ලාන්ති කළුබෝවිල මැතිණිය වෙනුවෙන් වූ සමුදීමේ වැඩසටහනක් 2020 ජුලි 12 වන දින ප්‍රදීපාගාර අවන්හලේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

එම සමුදීමේ සාදය නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායාමේ ගායන වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය. එහිදි ගරු සභාපතිනිය විසින් සමුගන්නා ලද රම්‍යාණි වික්‍රමසිංහ මැතිණිය හා රුක්ලාන්ති කළුබෝවිල මැතිණිය හට සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කරන ලදි.

තවද මෙම වැඩසටහනට සමගාමීව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මගපෙන්වීම මත සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වය යටතේ නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හා දූ දරුවන් වෙනුවෙන් මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති අයවළුන් වෙත රෝද පුටු, මූල්‍යමය පරිත්‍යාග සහ ශිෂ්‍යාධාර ප්‍රධානය කිරීමක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් සිදු කරන ලදි.

මේ සදහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වන ලදි.