සේවා වනිතා ඒක‍කයේ හිටපු සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය හට සමුදීමේ සාදයක් 2020 ජුලි 16 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදි.නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය හට සමුදීමේ සාදයක් 2020 ජුලි 16 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදි.

එහිදී හිටපු සභාපතිණිය නාවික හමුදා සේවා වනිතා ඒකකය වෙනුවෙන් සිදු කළ සේවය අගයමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් සමරු තිළිනයක් ප්‍රධානය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, නාවික හමුදා කාන්තා නිලධාරිනියන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.