ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි

සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීම 2020 ජුලි 23 වන දින සිදු විය.

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මුල්ගල් තැබීම වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති විසින් 2020 ජුලි 23වන දින ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතන පරිශ්‍රයේදී සිදු කරන ලදි. තවද, ඉදිකිරීමට යෝජිත මෙම ගොඩනැගිල්ල සඳහා අනුමත ඇස්තමේන්තු මුළු වටිනාකම වන රු 2,447,390.06 ක මුදලින් පළමු අධියරේ ඉදිකිරීම් කටයුතු සඳහා රු 1,000,000.00 ක මුදලක් නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ලබා දීමට මෙහිදී කටයුතු කරන ලදි.

මේ සඳහා විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් පිරිසක් ද සහභාගී විය.