සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ සාදයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් 05 දෙනෙකු හට සමුදීමේ සාදයක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2021 ජනවාරි 11 නාවික හමුදා මූලස්ථාන නිලධාරි නිවාසයේදී පැවැත්වුණි.

මෙම සමුදීමේ සාදය නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායමේ ගායන වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් වූ අතර, මෙහිදි සමුගන්නා ලද සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් වන යසින්තා විජේසේකර මැතිණිය, ජනකී දිසානායක මැතිණිය, මංජුලා මලවිආරච්චි මැතිණිය, ශාන්ති විජේතුංග මැතිණිය සහ චමිලා දිල්රුක්‍ෂි පෙරේරා මැතිණිය හට සමරු තිළිණ ප්‍රධානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් සිදු කරන ලදි.

කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ අංශ මගින් ලබා දී ඇති උපදෙස් වලට අනුව පැවති මෙම සාදය සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සමාජිකාවන්, කාන්තා නිලධාරීන් මෙන්ම සේවා වනිතා කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගීවී සිටින ලදි.