නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය හා විධායක කමිටු සාමාජිකාවන්ගේ තවත් එක් සමාජ සත්කාරක සේවාවක් ලෙස නාවිකයින් දෙදෙනෙකුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් උපකරණ ලබාදීම ‍නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 මාර්තු 22 වන දින නාවික හමුදා මුලස්ථානයේ පිහිටි ‍නාවික හමුදා සේවා වනිතා ඒකකයේදී සිදුකරන ලදී.

මෙහිදී, නාවික හමුදාවේ සේවය කරනු ලබන නායක ආහාර සහායක ඩීපීආර්එස් දසනායක එස්සී 45150 දරණ නාවිකයාගේ තුන් නිවුන් දරුවන් සහ බල නැවි (විශ්‍රාමික) ජේඑල්ඩීඑච්කේ පෙරේරා වීඒ 59028 දරණ නාවිකයාගේ දියණියන් දෙදෙනා හට ඔවුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු ක්‍රමවත්ව කරගෙන යාම සඳහා එම නාවිකයින් විසින් කරන ලද ඉල්ලීමකට අනුව පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් මාර්තු මස 22 වන දින සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් වන අයෝනි වෑවිට මැතිණිය සහ මාලා ලමාහේවා මැතිණිය ඇතුළු සේවා වනිතා කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.