නාවික හමුදා සේවා වනිතා බතික් හා මල් සැකසුම් ඒකක‍යේ අභිනව ගොඩනැගිල්ල විවෘත කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන සේවා වනිතා බතික් හා මල් සැකසුම් ඒකක‍ මගින් ලබා දෙන සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංනානෞ ගැමුණු ආයතනයේ සේවා වනිතා බතික් හා මල් සැකසුම් ඒකකය වෙනුවෙන් ඉදි කළ අභිනව ගොඩනැගිල්ල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් 01 දින වැලිසර ශ්‍රී ලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන හා අයෝණි වෑවිට මැතිණිය, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් රියර් අද්මිරාල් නිශාන්ත සමරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් සේනක සෙනෙවිරත්න, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සමාජිකාවන්,ධජ නිලධාරින් සහ නිලධාරිනියන්, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් හා නිලධාරිණියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගී වී සිටියහ.