“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 19 දින නිකුත් කල පුවත හා සබැඳේ
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

2021 ජනවාරි 18 වන දින රාත්‍රී කාලයේ ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 8 ක් පමණ (කිලෝමීටර 15 ක් පමණ) දුරකින් සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සොයා, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් පෙරදින රාත්‍රියේ සිට අඛණ්ඩව සිදු කරමින් සිටී.
19 Jan 2021
නාවික හමුදාව මගින් අපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 2021 ජනවාරි 15 වන දින කටයුතු කරන ලදී.
16 Jan 2021
ඉදුරාම බඳවා ගැනීමට අයත් නවක නිලධාරීන් සහ නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්රදානය කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදුරාම බඳවාගත් නවක නිලධාරීන් හා නිලධාරිනියන් 34 දෙනෙකු හට පත්වීමේ ලිපි ප්රදානය කිරීමේ උත්සවය අද (2021 ජනවාරි 15) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
15 Jan 2021
රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ අද (2021 ජනවාරි 15) දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙතින් අද (2021 ජනවාරි 15) එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත නිල වශයෙන් ප්රදානය කරන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ වෙත සුභපැතුම් එක් කරන ලදී.
15 Jan 2021
අපදාවට පත් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මගින් නිරුපද්‍රිතව බේරාගැනේ

යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසාගෙන ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේද සහයෝගය මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 2021 ජනවාරි 13 වන දින කටයුතු කරන ලදි.
14 Jan 2021
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයින් 09 ක් නාවික හමුදා භාරයට
නාවික හමුදාධිපතිතුමන් ගිනිකොන නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ජනවාරි 09 සහ 10 දෙදින ගිනිකොන නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එතුමන් නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසුව ගිනිකොන නාවික විධානයේ සිදු කළ මෙම පළමු නිල සංචාරය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ද එක්විය.
11 Jan 2021
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 8700කට අධික තොගයක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජනවාරි 08 වන දින රාත්‍රී කාලයේදී වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 8769 ක පමණ තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර එම අත් අඩංගුවට ගත් කහ තොගය සහ ඉන්දියානු ජාතිකයින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ජනවාරි මස 09 වන දින ගොඩබිම වෙත ගෙන ඒමට කටයුතු කරන ලදී.
10 Jan 2021
කේරළ ගංජා කිලෝග්‍රෑම් 124කට අධික ප්‍රමණයක් සමඟ සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාධිපතිතුමන්ගේ වසර 36 ක නාවික හමුදා දිවියට ආශීර්වාද පතා ආගමික වැඩසටහනක්
නාවික හමුදා දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ ඉදිකළ ලතා මණ්ඩප පරිශ්‍රය සහ නෙලුම් පොකුණ විවෘත කෙරේ
' මෙන් ඉන් වයිට්ස් ' (Men in whites) සංවිධානය වෙතින් නාවික හමුදා ආබාධිත රණවිරුවන් සදහා පරිත්‍යාගයක්

නාවික හමුදාවේ සේවය කළ විශ්‍රාමික නිලධාරීන්ගෙන් සැදුම්ලත් ‘මෙන් ඉන් වයිට්ස්’ (Men in whites) සංවිධානය මගින්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මගින් නිපදවූ රෙදි උපයෝගී කර ගනිමින් මසා නිම කළ ටී ෂර්ට්ස් ආබාධිත නාවික හමුදා රණවිරුවන් වෙත ප්රදානය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම එම සංවිධානයේ කොමාණ්ඩර් (විශ්‍රාමික) හිරාන් සොයිසා සහ ලුතිනන් (විශ්‍රාමික) අයේෂ් ඉන්ද්‍රනාත් රණවක යන නිලධාරීන් විසින් 2020 දෙසැම්බර් 31 වන දින නාවික හමුදා මූලස්තානයේදී සිදු කෙරිණි.
06 Jan 2021
මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ සහ එනසාල් තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජනවාරි 05 වන දින වයඹ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1680 ක පමණ ප්‍රමාණයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) හා ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jan 2021
නාවික හමුදා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙක් ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් 2021 ජනවාරි මස 03 වන දින වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින් අම්බලන්තොට, සියඹලාකොටේ දී ජනතා අයිතියට පත් කෙරිණි.
04 Jan 2021
බටහිර මුහුදේ නාවික හමුදා මෙහෙයුමකින් රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජනවාරි 04) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
04 Jan 2021
ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරිය සහ ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී
රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ලඟා කර ගැනීම සඳහා කැප වන බවට නාවික හමුදාව ප්‍රතිඥා දෙයි
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 (Crystal Methamphetamine), හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
01 Jan 2021
නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වේ
නාවික හමුදාව විසින් ඉදි කළ 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය රුවන්වැලි මහසෑ පුද බිමේදී විවෘත කෙරේ

නාවික හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ නාවික සමාජ සුභසාදන අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සිදු කළ තවත් සමාජ සත්කාරයක් ලෙස රුවන්වැලි මහසෑ පුද බිමේ අභිනවයෙන් ඉදි කරන ලද 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2020 දෙසැම්බර් 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවෘත කෙරිණි.
26 Dec 2020
අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍ය බොදුනුවන්ගේ වන්දනාව පිණිස පූජා කෙරේ

අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ හී නාවික පුද්ගලයින්ගේ මුල්‍ය සහ ශ්‍රමදායකත්වයෙන් ඉදි කරන ලද චෛත්‍ය අද (2020 දෙසැම්බර් මස 26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් සැදැහැති බොදුනුවන්ගේ ගෞරවනීය වන්දනාව පිණිස පූජා කරන ලදි.
26 Dec 2020