වැදගත් සිදුවීම්

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනට නාවික හමුදාවේ සහාය

වෙරළ පිරිසිදු කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 19දා උදෑසන කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි.

19 Sep 2015

නාවික තඨාකාංගණයේදී ආශිර්වාද පතා ගණදෙවි පූජාවක් පවත්වයි

ත්‍රිකුණාමළය නාවික තඨාකාංගණයේ පිහිටි ඝණදෙවි කෝවිලේ දී ආශිර්වාද පතා ගණදෙවි පූජාවක් සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වුණු අතර, පසුදින ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් නාවික හමුදා කඳවුරු පරිශ්‍රයෙන් ආරම්භවී ත්‍රිකුණාමළය නගරය දක්වාත්, එතැන් සිට නැවත කඳවුර දක්වාත් පැවැත්විණි.

19 Sep 2015