වැදගත් සිදුවීම්

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) සංගමන්කන්ද සහ තිරුක්කෝවිල් අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

13 Mar 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තාවුල්පාඩු මුහුදු තීරයේදී සහ ඩෙල්ෆ් දූපතට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 28 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (12) අත්අඩංගුවට ගන්නා ලදී.

13 Mar 2016