චීන නාවික හමුදාවේ සාගර පර්යේෂණ නෞකාවක් වන “ක්ව්යෑන් සන්ෂින්ං ” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

චීන නාවික හමුදාවේ සාගර පර්යේෂණ නෞකාවක් වන “ක්ව්යෑන් සන්ෂින්ං ” නෞකාව ඉන්ධන අවශ්‍යතාවයකට සහ තාක්ෂණික නතර කිරීමක් සඳහා අද (1) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහිදී එම නෞකාව පිළිගන්නා ලදී. නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් යැන්ග් ‍හෙයිටෝ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය. “ක්ව්යෑන් සන්ෂින්ං” නෞකාව මෙම මස 6 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත.