වැදගත් සිදුවීම්

මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

මහනුවර ශික්ෂණ රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද වකුගඩු රෝග ශල්‍ය ඒකකය ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (13) විවෘත කෙරිණ.

13 Jul 2017

නාවික හා සාගරික විද්‍යාපීඨ සංඥා පාසලේ ප්‍රායෝගික පන්ති කාමරය විවෘත කෙරේ
 

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංඥා පාසලේ අභිනවයෙන් ඉදි කරන ලද ප්‍රායෝගික පන්ති කාමර විවෘත කිරීම අද (13) නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් සිදු කෙරිණි.

13 Jul 2017

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක්, නාවික හමුදා සුනඛ අංශයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමක දී ඊයේ (12) හෙරොයින් ග්‍රෑම් 64.86 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

13 Jul 2017

ශ්‍රී ලංකා මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් සමග ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 කට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 12) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

13 Jul 2017