වැදගත් සිදුවීම්

පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට.
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වලාන දුෂණ මර්ධන ඒකකයට අනුයුක්ත නිලධාරින් එක්ව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද සොදිසි කිරිමකදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් අද (ජුලි 25) අත්අඩංගුවට ගන්නා ලදි.

25 Jul 2017

වැටුප් හා විශ්‍රාම වැටුප් අංශයේ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා වැටුප් හා විශ්‍රාම වැටුප් අංශයේ නිල වෙබ් අඩවිය අද (ජුලි 25) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.

25 Jul 2017

නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (24) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ‍ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

25 Jul 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 24) රාත්‍රියේ ඩෙල්ෆ් දූපතට නාවික සැතපුම් 10 ක් පමණ වයඹ දෙසින්වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

25 Jul 2017