වැදගත් සිදුවීම්

යාපනය, පුන්ගුඩුතිව් ශ්‍රී ගණේෂ් මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නාවික හමුදාව ප්‍රතිසංස්කරණය කෙරේ
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ යාපනය, පුන්ගුඩුතිව් ශ්‍රී ගණේෂ් මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම ඊයේ (අගෝස්තු 01) උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

02 Aug 2018

ශ්‍රී ලංකා නාවික හමුදා තාක්‍ෂණික ආයතනය සිය 16 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා තාක්‍ෂණික ආයතනයෙහි 16 වන සංවත්සරය ඊයේ (අගෝස්තු 01) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් තාක්‍ෂණික ආයතනයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ, කොමාණ්ඩර් සජීව රත්නසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

02 Aug 2018

ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සිය 21 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
 

ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයෙහි 21 වන සංවත්සරය ඊයේ (අගෝස්තු 01) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් ශ්‍රීලංනානෞ අග්බෝ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් (නාසෙ) ඒඑම් අබේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

02 Aug 2018

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2018
 

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය 2018 පසුගිය ජුලි 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී සාර්ථකව නිමාවට පත්වන ලදී.

02 Aug 2018