වැදගත් සිදුවීම්

නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බලකාය එක්ව වයඹ මුහුදේදී තවත් ඒකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව අද (2019 නොවැම්බර් 14) වයඹ මුහුදු ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

14 Nov 2019

69 වන නාවික හමුදා සංවත්සරයට සමගාමිව කිතුනු ආගමික වැඩසටහනක් කලුවැල්ල දේවස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදි ඇති අතර, ඊට සමගාමීව ගාල්ල, කලුවැල්ල කතෝලික දේවස්ථානයේ දේව මෙහෙයක් සහ වෑන්රිත් අනුස්මරණ වැඩිහිටි නිවාසයේ දානමය වැඩසටහනක් අද (2019 නොවැම්බර් 14) පවත්වන ලදි.

14 Nov 2019

චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 14) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

14 Nov 2019

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයකට අනුව මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් නාවික හමුදාව විසින් සංවිධානය කර ඇත.

14 Nov 2019

16 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 37 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 16 වන බඳවා ගැනීමට අයත් ශිල්පීය අංශයේ නාවිකයන් 37 දෙනෙකු සිය මුලික පුහුණුව සාර්ථකව නිමකොට විසිර යාමේ පෙළපාලිය 2019 නොවැම්බර් 13 වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේදී පවත්වන ලදී.

14 Nov 2019

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 නොවැම්බර් 13 වන දින කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.650 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

14 Nov 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට නාවික සැතපුම් 50 ක් දුරකදී නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ‍ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් සහ පුද්ගල අනුරුවක් (Dummy man) ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 නොවැම්බර් 13 වන දින පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

14 Nov 2019