වැදගත් සිදුවීම්

කපිතාන් සංජීව පෙරේරා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් සංජීව පෙරේරා 2020 ජුලි 10 වන දින වැඩ භාර ගන්නා ලදී.

10 Jul 2020

බලපත්‍ර රහිතව කිමිදුම් කටයුතු සිදු කර මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින කල්මුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිද කල මුර සංචාරයකදී වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු ධීවර යාත්‍රාවක්ද සමඟ නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

10 Jul 2020

මුහුදේ එලා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර මුහුදේ එලා තිබූ තහනම් දැලක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

10 Jul 2020

නාවික හමුදාව විසින් ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට

නාවික හමුදාව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 04ක් ජනතා අයිතියට පත් කිරීම 2020 ජුලි මස 09 වන දින සිදු කරන ලදි.

10 Jul 2020

මෙරට ඉදිකළ දෙවන දිය යට කෞතුකාගාරය ත්‍රිකුණාමලයේදී විවෘත කෙරේ.

නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් 2020 ජුලි 10 වන දින ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

10 Jul 2020

නීති විරෝධී දේශීය මත්පැන් තොගයක් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජුලි 09 වන දින පුත්තලම නවක්කාඩු ප්‍රදේශයේ සිදු කල මුර සංචාරයකදී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී දේශීය මත්පැන් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

10 Jul 2020

බූස්ස සහ කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු 2020 ජුලි මස 09 සහ 10 වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

10 Jul 2020

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින මුලතිව්, නයාරු ප්‍රදේශයට දකුණු දෙසින් සහ ප්‍රදුමාතලන් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ ඒ සඳහා භාවිතා කල උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

10 Jul 2020

වලංගු බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුලි මස 09 වන දින තලෙයිමන්නාරම, පැරණි ජැටියට ඔබ්බෙන් වූ මුහුදේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

10 Jul 2020

නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජුලි මස 09 වන දින නිලාවේලි, නවච්චෝලෙයි ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

10 Jul 2020