වැදගත් සිදුවීම්

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

15 Jul 2023

නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2023 ජුලි මස 14 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ත්‍රිකුණාමලය උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වෙමින්, එම ප්‍රදේශයේ නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු සහ සුභසාධන පහසුකම් නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.

15 Jul 2023

වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙමින් පවතින බහුකාර්යය උත්සව ශාලා‍වේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ සංවිධානය කෙරෙන විවිධ වැඩසටහන් සහ නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධන කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමේ අරමුණින්, වැලිසර නාවික පරිශ්‍රයේ ඉදිකෙරෙන නවීන පහසුකම් සහිත බහුකාර්යය උත්සව ශාලාවේ එළිමහන් අවන්හලෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2023 ජුලි මස 14 වන දින වැලිසර නාවික පරිශ්‍රයේදී සිදු කෙරිණි.

15 Jul 2023