වැදගත් සිදුවීම්

නාවික ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසයේ භූ ජල තරණ ප්‍රහාරක අභ්‍යාසය මොල්ලිකුලම් වෙරළ තීරයේදී සාර්ථකව අවසන් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන (03) වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale - 2024 අභ්‍යාසයේ භූ ජලතරණ ප්‍රහාරක අභ්‍යාසය (Amphibious Operations) අද දින (2024 ඔක්තොබර් 10) උදෑසන වයඹ නාවික විධානයේ මොල්ලිකුලම් වෙරළ තීරය හා ඒ ආශ්‍රීත මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

10 Oct 2024

එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ලොව විශාලතම නාවික බලඇණිය වන එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. Koehler අද දින (2024 ඔක්තෝබර් 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

10 Oct 2024

ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉතාලි නාවික හමුදාවේ ‘PPA MONTECUCCOLI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ඔක්තෝබර් 10) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

10 Oct 2024