වැදගත් සිදුවීම්

වීරෝධාර නාවික රණවිරුවන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ
 

වීරෝධාර නාවික රණවිරුවන්ගේ දූ දරුවන් 52 දෙදෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (26) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ‍අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

26 Jan 2016

ජපාන වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
 

ජපාන වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (ආරක්ෂා කිරීමේ සහ මුදවාගැනීම්) වයිස් අද්මිරාල් හිරොයුකි නකානෝ මහතා අද (26) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

26 Jan 2016

නාවික හමුදාධිපති ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික කඳවුරේ අංශ පිරික්සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) දින වැලිසර නාවික හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

25 Jan 2016

ඉන්දීය නෞකාවන් හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර නාවික අභ්‍යාසයක්
 

සිව් දින නිල සංචාරය නිමා කරමින් අද (24) උදෑසන කොළඹ වරායෙන් පිටත්ව යන ඉන්දීය නාවික හමුදාවේ “වික්‍රමාදිත්‍ය” හා “මයිසූර්” නෞකාවන් සමග පැයක 5ක නාවික අභ්‍යාසයක් සිදු කෙරිණි.

24 Jan 2016

අතිගරු ජනාධිපතිතුමන් “වික්‍රමාදිත්‍ය” නෞකාවේ සංචාරයක
 

අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කෙරෙන වික්‍රමාදිත්‍ය නෞකාවේ ජනවාරි මස 23 වන දින සංචාරයක නිරත විය.

24 Jan 2016

ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඒකාබද්ධ වෛද්‍ය කඳවුරක් අද (23) දින නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යා‍ලයේදී පවත්වන ලදී.

23 Jan 2016

රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
 

සුහද සංචාරයක් සඳහා පසුගිය 21 වන දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නෞකාවන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වශයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවේ බටහිර දියත් විධානයට අණදෙන ධජ නිලධාරී රියර් අද්මිරාල් රව්නීට් සිං මහතා බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාමසාධක සෙබළුන් සිහිකිරිම සඳහා ඉදිකර ඇති විශේෂ ස්මාරකය වෙත අද (23) උදෑසන පුෂ්පෝපහාර දක්වන ලදී.

23 Jan 2016

ඉන්දීය නැව් මුළුව වෙනුවෙන් නාවික හමුදාවෙන් සංස්කෘතික සංදර්ශණයක්
 

වික්‍රමාදිත්‍ය නෞකාවේ හා මයිසූර් නෞකාවේ නැව් මුළුව වෙනුවෙන් ජනවාරි මස 21 සහ 22 යන දිනයන්හි නාවික හමුදා මූලස්ථානයේ දී වර්ණවත් සංස්කෘතික සංදර්ශණයන් පැවැත්විණි.

23 Jan 2016

සුහද සංචාරයක් සඳහා පැමිණි “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි

උණුසුම් ආගන්තුක සත්කාරය ප්‍රදර්ශණය කරමින්, “වික්‍රමාදිත්‍ය” නෞකාවේ දී වර්ණවත් පිළිගැනීමේ උත්සවයක් ජනවාරි 22 වන දින සන්ධ්‍යාවේ සංවිධානය කර තිබිණි.

23 Jan 2016