මියගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ගුණ සමරු උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචසන් මහතාගේ ආරාධනයකට අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (25) අළුයම 0530 ට බොරැල්ල කනත්තේ ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් අනුස්මරණය කිරීමේ ස්මාරකය අභියස පැවැති ගුණ සමරු උත්සවයට සහභාගී විය.
25 Apr 2016
නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් නවදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් දියේ ගිලුනු පුද්ගලයෙකු සොයා ගැනීමට සහාය වෙයි
නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
අ.පො.ස. සාපෙළ විභාගය ඉහලින්ම සමත් වූ ශිෂ්‍යාවට නාවික හමුදාවේ අතහිත

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ හත්වැනි ස්ථානයට පත්වූ පානදුර, ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලයේ ඉගනුම ලබන නාවික හමුදාවේ විශ්‍රාමික පාලක ප්‍රධාන සුළු නිලධාරී අධිකාරම්ගේ ඉන්දික මහතාගේ දියණිය වන තරුෂි අංජලිකා හට ඇයගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් ප්‍රකාරව, නාවික හමුදා සමාජ සුභසාධන අරමුදල මගින් රුපියල් 100,000 ක මුදලක් ඊයේ (22) නාවික හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කරන ලදී.
23 Apr 2016
ඇමරිකානු නාවික හමුදාවේ ශාන්තිකර සාගරයේ විශේෂ නාවික මෙහෙයුම් විධානයට අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 4444 වේග්‍ර ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (21) චුන්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ගොඩබිම දෙසට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 10 ක ප්‍රමාණයක් සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.
22 Apr 2016