වැදගත් සිදුවීම්

මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 58ක් සමග ලාංකික පුද්ගලයින් හය දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව්, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් විනයසෝදි හා කල්මුණේ තුඩුව (‍‘K’ Point) අතර මුහුදු තීරයේ බලපත්‍ර රහිතව අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු සමග මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 58ක් (ප්‍රමාණය අඟල් 6ට අඩු) මැයි මස 11 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

13 May 2016

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර කලාපීය යුදෝපායන් සහ ප්‍රතිපත්ති සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂක නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර කලාපීය යුදෝපායන් සහ ප්‍රතිපත්ති සම්පාදන ඒකකයේ අධ්‍යක්ෂක, මේජර් ජෙනරාල් ස්ටීවන් ආර්. රඩර් මහතා අද (12) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

12 May 2016

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතව සිටි ධිවරයින් දස දෙනෙකු අවස්ථා දෙකක දී අත්අඩංගුවට ගැනීමට නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් ඊයේ (11) සමත් විය.

12 May 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) මුල්ලිකුලම් සහ කල්ලාරු අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් (තංගුස්) භාවිතා කරමින් නීතිවිරෝධී ‍ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු හා එ් සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

11 May 2016

ජපන් නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන නාවික හමුදාවට අයත් “උරගා” සහ “ටකාෂිමායාඑයාමා” යන නෞකාවන් සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (11) කොළඹ වරායට සේන්දු විය.

11 May 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

11 May 2016

සෝමාලියානු වෙරළ තීරය සහ ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම බලගැන්වීම සඳහා ස්ථාපිත ගුවන් බලඝණයේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සෝමාලියානු වෙරළ තීරය සහ ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම බලගැන්වීම සඳහා ස්ථාපිත ගුවන් බලඝණයේ අණදෙන නිලධාරී, ජපාන ස්වයං ආරක්ෂක බලකායේ කපිතාන් මසහිෂා මොටමුරා මහතා අද (10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

10 May 2016

කච්චතිව් දූපතේ නව දේවස්ථානයට මුල්ගල තැබේ
 

කච්චතිව් දූපතේ ඉදිකිරීමට නියමිත නව දේවස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය මැයි මස 09 වන දින යාපනය දියෝකීසියේ අනුනායක පී.ජේ. ජෙබරත්නම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

10 May 2016

තහනම් ධීවර ක්‍රම යොදා ගනිමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ක්‍රම යොදා ගනිමින් (Bottom Trawling) ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 May 2016

ප්‍රති ආශ්‍රැත ජල පද්ධති නිර්මාණකරුවන් නාවික හමුදාධිපතිතුමන්ගේ ඇගයුමට
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වකුගඩු රෝගය මැඩලීමේ අරමුණින් යුතුව එම රෝගය බහුලව පවතින ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් පසුගිය කාල සීමාව තුළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු පද්ධතීන් රැසක් නිර්මාණය කර ස්ථාපිත කිරීම සිදු කරන ලදී.

09 May 2016