වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) මුහතුවාරම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු, මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 3 ක් සහ තහනම් දැල් 3 ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

07 Nov 2016

රත්‍රන් කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ රත්‍රන් කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (6) සවස නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

07 Nov 2016

වව්නියාව සහ නොච්චියාගම ප්‍රදේශවල ඉදිකළ ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි එක් ව්‍යාපෘතියක් වශයෙන් වකුගඩු රෝගය පැතිරයාමේ අවදානමක් සහිත ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහන් කළ හැකිය.

07 Nov 2016

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (5) මාන්නාරම සවුත් බාර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

06 Nov 2016

වෘත්තිමය සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහනක් සහ උපදේශක වෛද්‍යවරුන්ගේ සුහද හමුවක් උතුරු නාවික විධානයේදී පවත්වයි
 
 

උතුරු විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වෘත්තීමය සෞඛ්‍ය හා ආරක්ෂණ වැඩසටහනක් 2016 නොවැම්බර් මස 1 සහ 2 යන දිනයන් හිදී කන්කසන්තුරෙයි පිහිටි උතුරු නාවික විධාන මුලස්ථානයේදී පවත් වන ලදි. මෙම වැඩසටහන සෞඛ්‍ය හා ආරක්ෂණය පිළිබද විශේෂඥ වෛද්‍ය සහ කම්කරු අමාත්‍යංශයේ කොමසාරිස් වරයෙකු වන වෛද්‍ය වජිර පලීපාන මහතා විසින් මෙහෙවන ලදි.

06 Nov 2016

නාවික හමුදා ශ්‍රමයෙන් සහ දැනුමින් ඩෙල්ෆ් දූපතේ ජැටියේ ඉදි කිරීම් ආරම්භ කෙරේ
 
 

දිගු කාලයක සිට අවශ්‍යතාවයක්ව පැවැති ඩෙල්ෆ් දූපතේ නව ජැටියේ ඉදිකිරීම් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා මිනිස් ශ්‍රමය සහ දැනුම යොදා ගනිමින් නව ජැටියේ ඉදිකිරීම් ඊයේ (4) උතුරු නාවික පෙදෙස භාර අඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

05 Nov 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටි‍යෙහි පිහිටි විජය නාවික කඳවුරට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 3 වන දින උඩප්පුව සහ මාම්පුරි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 4 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

05 Nov 2016

පොලිස් පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලිය සඳහා සහභාගි වන නාවික හමුදා රග්බි ක්‍රීඩකයන් හට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (4) නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී රගර් ජර්සී ප්‍රදානය කරන ලදි.

05 Nov 2016

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රථම වරට සාගරික පාර්ශවකරුවන් අතර අන්තර් හැකියාව වැඩි දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කළ Table top 2016 අභ්‍යාසය ඊයේ (3) සහ අද (4) ත්‍රිකුණාමලය අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේ දී පවත් වන ලදි.

05 Nov 2016

නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නැවත භාරදීමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය විය.

04 Nov 2016