වැදගත් සිදුවීම්

ජපන් නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණේ
 

ජපාන ස්වයං ආරක්ෂක නාවික බලඝණයට අයත් “කිරිසමෙ” නෞකාව සුහදතාවය වර්ධනය කරගැනීම හා සැපයුම් අවශ්‍යතා ලබා ගැනීම සඳහා අද (4) කොළඹ වරායට සේන්දු විය.

04 Dec 2016

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුව
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (3) සිලාවතුර ප්‍රදේශයට අයත් මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

04 Dec 2016

66 වන නාවික හමුදා දිනය නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්මදේශනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී පැවැත්වෙයි
 

දෙසැම්බර් මස 09 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සැමරුම නිමිත්තෙන් වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක් ඊයේ (2) සහ අද (3) යන දිනයන්හි පැවැත්විණි.

04 Dec 2016

නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත්, නච්චිකුඩා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අන්තෝනිපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ ගනයේ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

04 Dec 2016

කයිට්ස් දූපතේ නව දියත් මග සඳහා මුල්ගල තබයි
 

කයිට්ස් දූපත්වාසී ජනතාව වෙනුවෙන් ඉදිකිරීමට නියමිත දියත් මග සඳහා මුල්ගල තැබීම පසුගිය 2 වන දින උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ සුරතින් සිදු විය.

03 Dec 2016

ජ්‍යෙෂ්ඨ නාවිකයින් 90 දෙනෙකු වෙත පොලී රහිත ණය ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත සිදු කෙරෙන ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 5 බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්‍රදානය කිරීමේ තවත් අදියරක් අද (2) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

03 Dec 2016

59 වැනි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, අසේල ඉද්දවෙල මහතාගේ උපදෙස් පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් අද (2) විවෘත ‍කෙරිණි.

03 Dec 2016

එළුවතිව් දූපතේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ, උතුරු නාවික විධානයේ පුර්ණ ශ්‍රම සහ තාක්ෂණික දායකත්වයෙන් එළුවතිව් දූපතේ ඉදිකරන ලද නව ජැටිය විවෘත කිරීම අද (2) සිදු කෙරුණි.

02 Dec 2016

ඉන්දීය නාවික හමුදාධිපතිතුමා ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනී
 

ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් සුනිල් ලන්බා මහතා ඊයේ (1) උතුරු මැද ප්‍රදේශයේ චාරිකාවාරයක නිරත වූ අතර, එහිදී එතුමන් අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.

02 Dec 2016

නාවික හමුදා 66 වන සැමරුම නිමිත්තෙන් හින්දු ආගමික වැඩසටහනක් පැවැත්වෙයි
 

2016 දෙසැම්බර් මස 9 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන නාවික දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද හින්දු ආගමික වැඩසටහන අද (1) කොටහේන, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරර් හින්දු කෝවිලේදී පැවැත්විණි.

02 Dec 2016