වැදගත් සිදුවීම්

නාවික හමුදාව ජාතික නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි
 

ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පෙබරවාරි මස 04 වන දින 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි.

04 Feb 2017

69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය
 

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (4) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 69 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි.

04 Feb 2017

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නාවික අභ්‍යාසයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව යයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු ප්‍රදේශ නීරීක්ෂණය කරන නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර, ඊයේ (3) සවස පකිස්ථා‍නයේ පැවැත්වෙන අමාන් අභ්‍යාසය සඳහා සහභාගී වීමට කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත්ව යන ලදී.

04 Feb 2017

කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග ශල්‍ය ඒකකය වෙත නාවික හමුදාව විසින් අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ

"සැමට සුවසෙත" සැලසෙන නිරෝගී ජන සමාජයක් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක වැඩසටහනේ තවත් පියවරක් අද (3) නිමාවට පත් විය.

03 Feb 2017

බංගලාදේශ වෙරළාරක්ෂක බළකායට අයත් “තාජුඩීන් ”නෞකාව ත්‍රිකුණාමලය වරායට
 

බංගලාදේශ වෙරළාරක්ෂක බළකායට අයත්“තාජුඩීන්”නැමතිනෞකාව අද (3)ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

03 Feb 2017

ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු බේරා ගැනේ
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් ඊයේ (2) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

03 Feb 2017

නාවික හමුදාධිපතිතුමන් ඉන්දියාවේ කොචින්හි පිහිටි දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වේ
 

සිය පස් දින නිළ සංචාරය නිමා කරමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (2) කොචින්හි පිහිටි දකුණු නාවික විධානයේ නිළ සංචාරයක නිරත වන ලදි.

02 Feb 2017

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ Kri Sultan Iskandar Muda – 367” නෞකාව කොළඹ වරායට සේන්දු වේ

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව ඉන්ධන සහ සැපයුම් අවශ්‍යතාවයන් සඳහා අද (2) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහිදී එම නෞකාව පිළිගන්නා ලදී.

02 Feb 2017

අනවසරයෙන් මෙරට මුහුදු සිමාවට ඇතුළු වී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවික මුර යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (1) ඩෙල්ෆ් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

02 Feb 2017

නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික හමුදා‍ව වෙනුවෙන් ඉදිකරණ අධි තාක්ෂණික නෞකාවන්ගේ නිරික්ෂණ චාරිකාවක නිරත වේ
 

දින පහක නිළ සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (1) ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරණ නවීණතම තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික නෞකාවන්හි නිරික්ෂණ චාරිකා වාරයක නිරත විය.

01 Feb 2017