වැදගත් සිදුවීම්

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් කොළඹ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (7) හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

08 Mar 2017

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ගිණිකොන නාවික විධානයට අයත් ඔලුවිල් නාවික අනුඛණ්ඩය වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් සහ පාලමුනෙයි ධීවර පරීක්ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (07) අක්කරෙයිපත්තු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Mar 2017

ඇමරිකානු නාවික හමුදාවට අයත් ෆෝල් රිවර් නෞකාව දිවයිනට සේන්දු වෙයි
 

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කළාප නාවික බලඇණියට අයත් නෞකාවක් වන ෆෝල් රිවර් නෞකාව අද (7) හම්බන්තොට වරායට සේන්දු විය.

07 Mar 2017

ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගනියි
 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 18 වන වරටත් සංවිධානය කරන ගුවන් හමුදා 2017 පා පැදි සවාරියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදාවේ බල නැවි අවිශ්ක මැඩෝන්සා සමත් විය.

07 Mar 2017

කපිතාන් අනිල් බෝවත්ත විසින් සේවා මුක්ත භට සංගමය වෙත ඉඩමක් ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු කපිතාන් අනිල් බෝවත්ත මහතා විසින් ඔහුට අයත් මහනුවර, කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි පර්චස් 30 ක නිවසක් සහිත ඉඩම, ත්‍රිවිධ හමුදා ප්‍රවීණ රණවිරු නිවසක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වෙත පසුගිය පෙබරවාරි මස 25 වන දින පරිත්‍යාග කරන ලදී.

07 Mar 2017

උතුරු නාවික විධානය විසින් එළුවතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් පසුගිය 5 වන දින යාපනය, එළුවතිව් දූපතේ පිහිටි ශාන්ත තෝමස් කතෝලික පල්ලියේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

07 Mar 2017

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන විශේෂ සම්මානයකට පාත්‍රවේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවක් වන ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමේ වැඩසටහන ජපන්, ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික සංගමය මගින් සංවිධානය කරන ලද “JASTECA” (Japan Sri Lanka Technical & Cultural Association) සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මානයකට පාත්‍රවිය.

06 Mar 2017

ඉරනතිව් ක්‍රිස්තියාණි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට නාවික හමුදා සහාය
 

වසරේ මුල් දින 40 ට පසුව උදාවන පළමු සිකුරාදා දිනයේදී පවත්වනු ලබන ඉරනතිව් දූපතේ “ජපමාලයේ අප ස්වාමිදුවගේ” දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත්, කිතුනු බැතිමතුන් 700 කගේ පමණ සහභාගීත්වයෙන්, පසුගිය 3 වන දින පැවති මෙම මංගල්‍යය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවික පුද්ගලයින් විසින් පූර්ණ සහයෝගය ලබා දී ඇත.

06 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (4) සමත් විය.

05 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (4) පරෙවි දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

05 Mar 2017