වැදගත් සිදුවීම්

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

06 Apr 2017

නාවික හමුදාධිපතිතුමන් බ්‍රසීල නාවික හමුදාධිපතිතුමන් හමුවේ
 

බ්‍රසීලයේ රියෝද ජනෙයිරෝ නුවර පැවැත්වෙන ඇමරිකානු අභ්‍යාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශණයට (LAAD - 2017) සහභාගි වෙමින් සිටින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (4) බ්‍රසීල නාවික හමුදාධිපති අද්මිරාල් එඩුආර්ඩෝ ලීල් ‍ෆෙරෙයිරා මහතා හමු වන ලදී.

05 Apr 2017

අපදාවට පත් ධීවර යාත්‍රාව බේරාගැනීමට ඉන්දීය ‍වෙරළාරක්ෂක අංශයේ සහය
 

ත්‍රිකුණාමලය ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ‘EVINDI’ 01 නැමැති ට්‍රෝලර් යාත්‍රාව එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීයානු මුහුදු සීමාව ආසන්නයට ගසා ගෙන ගොස් ඇති අතර, එහි සිටි ධීවරයින් පස් දෙ‍නෙකු සහ එම යාත්‍රාව ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නාවික පුද්ගලයින් විසින් බේරා ගෙන ඇත.

05 Apr 2017

බහාලුම් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා, ඉන්දීය නාවික හමුදාවන් සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහාය
 

පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩැනීලා බහාලුම් නෞකාවේ ඊයේ (4) ගින්නක් හට ගන්නා ලදී.

04 Apr 2017

නීති විරෝධී ලෙස තඹ තහඩුවක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

බටහිර නාවික විධානයට ලැබුනු බුද්ධි තොරතුරක් මත එම නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් සහ මහනුවර විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 4 වන දින ගම්පොල, මහර ප්‍රදේශයේදී අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ පෞරාණික වටිනාකමකින් යුත් තඹ තහඩුවක් අත්අඩංගුවට ගෙන ඇත.

04 Apr 2017

ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් ඉන්දියාවේ කොචින් වරාය බලා පිටත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවන් වන ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් අද (4) සුහදතාවය වර්ධනය කර ගැනීමේ සහ පුහුණු සංචාරයක් උදෙසා කොළඹ වරායෙන් ඉන්දියාවේ කොචින් වරාය දක්වා යාත්‍රා කරන ලදී.

04 Apr 2017

නාවික හමුදාධිපතිතුමන්ගේ බ්‍රසීල සංචාරය හා ශ්‍රී ලංකාවේ නීල ආර්ථික අභිමතාර්ථ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ බ්‍රසීල සංචාරයත් සමඟ ශ්‍රී ලංකාවේ නීල ආර්ථික අභිලාෂයන් ළඟා කර ගැනීම පිළිබඳ නව බලාපොරොත්තු ඇති විය.

04 Apr 2017

අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවරයින් 38 කට නිදහස
 

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කර අනවසර ධීවර කර්මාන්තයේ යෙදීම හේතුවෙන් අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 38 දෙනෙකු යලි එරටට භාර දීම අද (4) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

04 Apr 2017

ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘ශූර්’ නෞකාව කොළඹ වරායට
 

ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘ශූර්’ නෞකාව අද (4) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලදී.

04 Apr 2017

සුර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් ස්ථාපිත කෙරේ
 

වර්තමාන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමා නාවික හමුදාධිපති ධුරයේ වැඩභාර ගැනිමෙන් පසු එතුමාගේ උපදෙස් මත කපිතාන් (ඉ) ප්‍රියංකර දිසානායකගේ අධික්ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් සමාජීය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවන ලදී.

03 Apr 2017