වැදගත් සිදුවීම්

“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී
 

2017 අන්තර්ජාතික වෙසක් දින උළෙලට සමගාමීව හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (10) ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීය.

11 May 2017

අන්තර්ජාතික වෙසක් උළෙලට නාවික හමුදාවේ පූර්ණ දායකත්වය
 

2017 අන්තර්ජාතික වෙසක් උළෙලට සමගාමීව නාවික හමුදාව විසින් මේ වන විට පුණ්‍ය කටයුතු රාශියක් සිදු කරමින් පවතී.

11 May 2017

රෝගාබාධයකින් මියගිය ඉංජිනේරු කාර්මික ජේඒඑම්පී අමරසිංහගේ පවුලේ සාමාජිකයින් වෙත “නැවිරු සවියෙන්” රු. මිලියනයක රක්ෂණ වන්දියක්
 

රී ලංකා නාවික හමුදාවේ රාජකාරි‍යේ නිරතව සිටි ඉංජිනේරු කාර්මික ජේඒඑම්පී අමරසිංහ යන නාවිකයා කාලයක් තිස්සේ පැවති රෝගාබාධයක් හේතුවෙන් අභාවයට පත් වූ අතර, ඒ වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී.

11 May 2017

අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නිදහස් කෙරේ
 

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (11) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

11 May 2017

රණවිරුවන් වෙත නිවාස හා ඉඩම් ලබා දීම ජනපති අතින් සිදු කෙරේ
 

‘සත්විරු සංහිද’ නිවාස ව්‍යාපෘතිය යටතේ සටනේදී මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ හා දැනට සක්‍රීය සේවයේ නිරත වී සිටින ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙත නිවාස සහ ඉඩම් බෙදා දීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී අද (10) උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

10 May 2017

උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් ලේ දන්දීම සඳහා සිය දායකත්වය ලබා දෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් ඊයේ (9) යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේ පැවති ලේ දන්දීමේ කඳවුර සඳහා සහභාගී විය.

10 May 2017

සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන විදුලි වැටක් ස්ථාපනය කෙරේ
 

නාවික හමුදාව විසින් සුර්ය බලයෙන් ක්‍රියාත්මක කළ හැකි විදුලි ආරක්ෂිත වැටක් සුරියවැව ප්‍රදේශයේ ස්ථාපිත කර, එය අද (9) ජනතා අයිතියට පත් කරන ලදී.

09 May 2017

තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයට මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදාදීම සෞඛ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී
 

තැලසීමියා හා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් සඳහා මුල්ගල තැබීම සහ තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර බෙදා දීමේ වැඩපිළිවෙලක් අද (8) සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

09 May 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (8) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 May 2017

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) පේදුරු තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් කිමිදුම් ක්‍රම භාවිතා කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 May 2017