වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 4ක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් කෙරෙන ප්‍රජා සත්කාරක සේවාවන් වල එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක.

22 Jun 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (21) රාත්‍රී ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

22 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (20) ත්‍රිකුණාමලය එළිසබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

21 Jun 2017

උතුරු නාවික විධානය මගින් අක්ෂි කාච 100 ක් යාපනය රෝහල වෙත පරිත්‍යාග කරයි
 

උතුරු නාවික විධානය මගින් පසුගිය 19 වන දින අක්ෂි සැත්කම් සඳහා භාවිතා කරනු ලබන අක්ෂි කාච යුගල් 100 ක් යාපනය ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

21 Jun 2017

ප්‍රංශ සාගරික බලකා නියෝජ්‍ය ආඥාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ප්‍රංශ සාගරික බලකා ‍නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් ඔලිවියර් ලීබස් මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

20 Jun 2017

සුහද සංචාරයක් සඳහා ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවන් 2 ක් කොළඹ වරායට
 

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන් අද (20) සුහද සංචාරයක් සඳහා ‍කොළඹ වරායට සේන්දු විය.

20 Jun 2017

ප්‍රංශ නාවික නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා අද (20) ‍කොළඹ වරායට සේන්දු වූ ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්‍රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ස්ටැනිස්ලස් ඩි චාගර්ස් මහතා සහ කොමාණ්ඩර් ක්සේවියර් බාගොට් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.

20 Jun 2017

බලනැවි ආර්එම්ඒ ප්‍රදීප් නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ බලනැවි ආර්එම්ඒ ප්‍රදීප් යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.

20 Jun 2017

යාපනය අර්ධද්වීපයේ අනලතිව් දූපතෙහි ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් පසුගිය 18 වන දින යාපනය අර්ධද්වීපයේ, අනලතිව් ප්‍රජා ශාලාවේදී ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

20 Jun 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (19) ත්‍රිකුණාමලය නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

20 Jun 2017