නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව මිරිස්ස, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක්, වැලිගම පොලිසීයේ සහය ඇතිව අද (ජූලි 30) කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 300 ක් සමඟ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
වැඩිදුර කියවන්න >
30 Jul 2017
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.
නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි, 29) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත.
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (29) ත්‍රිකුණාමලය නෝර්වේ දුපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදා වර්ණ ප්‍රදාන උත්සවය - 2017 අද (ජූලි 29) සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික විධානයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.
29 Jul 2017
ත්‍රිකුණාමලයේ සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ විවෘත කිරීම් රැසක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි විය.
රජයේ මඟපෙන්විම මත, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධිකරණයෙන් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව ඩෙංගු මර්ධන වසංගතයට එරෙහිව සටන් ඇරඹීය.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුලි, 29) වෙඩිතලතිව් මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 0930 පැයට පමණ කොළඹ වරායට සේන්දු විය.
28 Jul 2017
ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ සහ උතුරු අයර්ලන්ත මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස්, ටොම් බර්න් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.