වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජූලි 11) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී නව ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.

11 Jul 2017

රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් රෝහිත ප්‍රේමසිරි මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් අද (11) විශ්‍රාම යන ලදී.

11 Jul 2017

සුහද සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ෆ්‍රිගෙට් වර්ගයේ (ANZAC – Class Frigate) ‘අරුන්ටා’ යුද නෞකාව අද (10) සුහද සංචාරයක් සඳහා ‍කොළඹ වරායට සේන්දු විය.

10 Jul 2017

සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් සුරියවැව, මීගහයදුර ප්‍රදේශයෙහි අද (09) ජනතා අයිතියට පත් කෙරුණි.

09 Jul 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමග ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 8) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

09 Jul 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් එක් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් පොල්පිතිගම, කඳුබොඩගම ප්‍රදේශයෙහි අද (08) ජනතා අයිතියට පත් කෙරුණි.

08 Jul 2017

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය උදෙසා විවිධ ප්‍රජා සේවාවන් රැසක් සිදුකරමින් පවතී.

07 Jul 2017

නීති විරෝධී ලෙස අල්ලන ලද පොල් කොළ මෝරු (Ocean white strip shark) තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් පදනම් කර ගනිමින් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 07) උදැසන බේරුවල ධිවර වරාය පරික්ෂාවට ලක් කරන ලදි.

07 Jul 2017

ඉංජි‍නේරු කාර්මික එච්එම්යුඑස් බණ්ඩාර නාවිකයාගේ පවුලේ සාමාජිකයින් වෙත ‘නැවිරු සවියෙන්’ රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරි‍යේ නිරතව සිටියදී හදිසි අනතුරකින් වියෝ වූ ඉංජිනේරු කාර්මික එච්එම්යුඑස් බණ්ඩාර යන නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් රුපියල් මිලියනයක රක්ෂණ වන්දි මුදලක් ප්‍රදානය කරන ලදී.

07 Jul 2017

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 ක් මගින් ඊයේ (ජුලි 05) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගෙන ඇත.

06 Jul 2017