වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (අගෝස්තු 21) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

22 Aug 2018

‘ඉකසුචී’ නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ත්‍රිකුණාමලය වෙරළ තීරය පිරිසිදු කිරීමට සහාය
 

සුහද සංචාරයක් සඳහා පසුගිය අගෝස්තු 20 වන දින දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘ඉකසුචී’ නෞකාවේ කාර්ය මණඩලය සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (අගෝස්තු 21) ත්‍රිකුණාමලය ඩච්බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

22 Aug 2018

ශ්‍රීලංනානෞ ‘රණජය’ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණජය’ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) විජිත බණ්ඩාරනායක මහතා අද (අගෝස්තු 21) වැඩ භාර ගන්නා ලදී.

21 Aug 2018

කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාව ඕස්ට්‍රේලියාව බලා පිටත්වෙයි
 

ඕස්ට්‍රේලියානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන කකාඩු (KAKADU 2018) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව ඊයේ (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත් විය.

21 Aug 2018

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ඊයේ (අගෝස්තු 20) දකුණු නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා හමුවිය.

21 Aug 2018

මුහුදේ අතරමං වූ ධීවරයින් 11 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය
 

දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් අද (අගෝස්තු 20) දින ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව සිටි ධීවරයින් 11 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමට සමත් විය

20 Aug 2018

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 20) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

20 Aug 2018

ශ්‍රීලංනානෞ රණරිසි නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (සංඥා) රංග ද සොයිසා මහතා අද (අගෝස්තු 20) වැඩ භාර ගන්නා ලදී.

20 Aug 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 28 දෙනෙකු සහ විකිණිම සඳහා සඟවා තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට පත් විය.

20 Aug 2018

කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ශ්‍රීලංනානෞ සිඳුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (අවි) උදය කුමාරසිංහ මහතා ඊයේ (අගෝස්තු 19) වැඩ භාර ගන්නා ලදී.

20 Aug 2018