වැදගත් සිදුවීම්

කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා විසින් අද (අගෝස්තු 11) වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

11 Aug 2018

ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) සාර්ථකව නිමාවට පත්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් සංවිධානය කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අගෝස්තු 10) ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

11 Aug 2018

ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න ශ්‍රීලංනානෞ වීරයා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක යුද්ධ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා වීරයා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) කැලුම් සෙනවිරත්න අද (අගොaස්තු 10) දින වැඩ භාර ගන්නා ලදී.

10 Aug 2018

ලංකා තැලසීමියා කවයේ කෘතඥතාවය නාවික හමුදාවට
 

ලංකා තැලසීමියා කවයේ සාමාජිකයින් විසින් තැලසීමියා රෝගීන් වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සේවය ඇගයීම සඳහා ගෞරවයක් ලෙස සිහිවටනයක් ප්‍රදානය කිරීම අද (අගෝස්තු 10) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදුකරන ලදි.

10 Aug 2018

රිම් ඔෆ් ද පැසිෆික් - 2018 (RIMPAC) අභ්‍යාසය නාවික හමුදා මැරීන් සාමාජිකයින් සාර්ථකව අවසන් කෙරේ
 

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු ‘Rim of the Pacific’ (RIMPAC) - 2018 නාවික අභ්‍යාසයට සහභාගී විම සඳහා පසුගිය මැයි 21 වන දින දිවයිනෙන් පිටත්ව ගිය ලුතිනන් කොමාණ්ඩර් (මැරීන්) සනත් මහින්ද ඇතුළු නාවික හමුදා මැරීන් බලකා සාමාජිකයින් පසුගිය 07 වන දින සිය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් දිවයිනට පැමිණෙන ලදී.

10 Aug 2018

ඉසින්බැස්සගල තේක්ක රක්‍ෂිතයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
 

මැදවච්චිය, ඉසින්බැස්සගල තෙක්ක රක්‍ෂිතයේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 09) සමත් විය.

10 Aug 2018

චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
 

චීන නාවික හමුදාවට අයත් ‘චෙයින් වේචැන්ග්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අගෝස්තු 08) කොළඹ වරායට සේන්දු විය.

08 Aug 2018

බටහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (අගෝස්තු 07) කොළඹ, නාවික මහ රෝහල පරිශ්‍රයේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.

07 Aug 2018

ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව විවාහක නාවික නිවාස ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
 

මොල්ලිකුලම්, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ නව විවාහක නාවික නිවාස ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම වයඹ විධාන ආඥාපති රියර් අද්මිරාල් සුජිව පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (අගෝස්තු 05) විවාහක නාවික නිවාස පරිශ්‍රයේදී සිදු කෙරිණි.

06 Aug 2018

නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
 

පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය.

06 Aug 2018