නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ සැකකරුවන් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීති විරෝධී කටයුතු (Transnational Crime) වැලැක්විම අරමුණු කර ගනිමින් මුර සංචාර සඳහා යොදවා තිබු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (ජුනි 05) ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) තුළ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස බටහිර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ පුද්ගලයින් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
06 Aug 2018
යාපනය, පුන්ගුඩුතිව් ශ්‍රී ගණේෂ් මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නාවික හමුදාව ප්‍රතිසංස්කරණය කෙරේ

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ මඟපෙන්විම යටතේ යාපනය, පුන්ගුඩුතිව් ශ්‍රී ගණේෂ් මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම ඊයේ (අගෝස්තු 01) උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
02 Aug 2018
ශ්‍රී ලංකා නාවික හමුදා තාක්‍ෂණික ආයතනය සිය 16 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා තාක්‍ෂණික ආයතනයෙහි 16 වන සංවත්සරය ඊයේ (අගෝස්තු 01) දිනට යෙදී තිබූ අතර, එය නිමිති කර ගනිමින් තාක්‍ෂණික ආයතනයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ, කොමාණ්ඩර් සජීව රත්නසිරි මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පසුගිය දින කිහිපය තුළදී ආගමික වැඩසටහන් ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.
02 Aug 2018