‘ආචාර්ය නිහාල් ඡිනසේන අනුස්මරණ රුවල් යාත්‍රා තරඟාවලිය - 2018’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී

රුහුණු රුවල් යාත්‍රා සාමාජය මගින් සංවිධානය කරනු ලබන ‘ආචාර්ය නිහාල් ඡිනසේන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් 15 වන දින කප්පරතොට, මිරිස්ස මුහුදු තීරයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 67 දෙනෙකු රුවල් යාත්‍රා 50 ක් සමඟින් සහභාගී වන ලදී.
19 Dec 2018
චින යුද්ධ හමුදා ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමෙන්තුවේ යුධ කටයුතු පිළිබඳ ආධාරක නියෝජිත ආයතනයේ නියෝජිතයන් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
ජ්‍යේෂ්ඨ නාවිකයින් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
ඩිජිටල් විශිෂ්ඨතා සම්මාන උළෙල 2018 (SLT Zero One Award) හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව සම්මාන හිමිකර ගනී
ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාවික හමුදාවෙන් උපහාර

2018 වසරේ 05 වන ලෝක කැරම් ශූරතා තරඟාවලිය සහ ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලිය මෙන්ම 01 වන ආසියානු වුෂු තරඟාවළියේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ කීර්තියක් අත්කර දුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔවුන් නාවික හමුදාවට අභිමානයක් අත්කරදීම වෙනුවෙන් සහ ඔවුන්ගේ දක්ෂතා අගයමින් උපහාර පිදීමක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 13) නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
13 Dec 2018