68 වන නාවික හමුදා සංවත්සරය හවායි හීදී උත්කර්ෂවත් අයුරින් සමරයි
ඉන්දියානු නාවික හමුදා ‘අද්මිරාල් කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේදි ශ්‍රි ලංකා නාවික හමුදා මධ්‍ය නිලධාරින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කරයි

ඉන්දියාවේ ඉසිමලා හි පිහිටි ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨය (Indian Naval Academy) විසින් 09 වන වරට සංවිධානය කරන ලද ‘Admiral’s Cup Regatta - 2018’ රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය දෙසැම්බර් මස 02 වන දින සිට දෙසැම්බර් මස 06 වන දින දක්වා අති උත්කර්ශවත් අන්දමින් ඉන්දියාවේ ඊටිකුලම් බේ වෙරළ තීරයේදී පැවැත්විය.
11 Dec 2018
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 68 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රට වැට බැදි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය අදට (දෙසැම්බර් 9) යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් සිදු කරනු ලබන වැඩසටහන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් සංවිධානය කරන ලදී.
09 Dec 2018
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
අඛණ්ඩව 18 වන වරටත් නාවික හමුදාව ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගනියි

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර තරඟාවලිය පසුගිය දෙසැම්බර් 01 වන දින සිට 04 වන දින දක්වා මීගමුව, කඩොල් කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින් 2018 වර්ෂයේ ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
05 Dec 2018
68 වන නාවික දිනයට සමගාමිව නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී

2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පසුගිය දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළ පැවැත්විණි.
05 Dec 2018