වැදගත් සිදුවීම්

නව නාවික හමුදාධිපති අතිගරු ජනාධිපතිතුමන් බැහැදකී
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 03) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

03 Jan 2019

කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ශ්‍රීලංනානෞ ශක්ති නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) බුද්ධික ලියනගමගේ මහතා ඊයේ (ජනවාරි 02) වැඩ භාර ගන්නා ලදී.

03 Jan 2019

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත් කොට ඇත.

01 Jan 2019

වයිස් අද්මිරාල් පියල් ද සිල්වා 23 වන නාවික හමුදාධිපති ධූරයට
 

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද දින (ජනවාරි 01) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.

01 Jan 2019

අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
 

අතිගරු ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ඊයේ (දෙසැම්බර් 31) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් ධූරයට උසස් කරන ලද අතර, එතුමන් සිය 36 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (ජනවාරි 01) විශ්‍රාම යන ලදී.

01 Jan 2019