2019 ජාතික ඔරු පැදීමේ තරඟාවලිය සමස්ථ ශූරතාවය නාවික හමුදාවට

ජාතික ඔරු පැදීමේ තරගාවලීය (National Canoe Sprint Championship – 2019) පෙබරවාරි මස 13 වන දින සිට 16 වන දින දක්වා දින 03 ක් දියවන්නා ඔයේදී පැවැත්විය. මෙම තරගාවලීය සදහා ත්‍රිවිධ හමුදාව, කොළඔ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, කොළඔ රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය, කාන්තා විද්‍යාලය, විශාකා විද්‍යාලය හා කොළඔ ඔරු පැදීමේ සංගමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.
16 Feb 2019
නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 38 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නීති වීරෝධී ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 07 ක් නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධි ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (පෙබරවාරි 15) ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපස මාර්ගයේදී නීති විරෝධී ලෙස එළදෙනක් සහ පැටවකු ඩීමෝබට්ටා ලොරි රථයක පටවාගෙන පිටතට නොපෙනෙන සේ නිල්පැහැති ඉටිරෙද්දකින් ආවරණය කරගෙන ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.
16 Feb 2019
ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 හි අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

ඉරාන නාවික හමුදාවට අයත් ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන යුද නෞකා ත්‍රිත්වයටම අණදෙන්නා වශයෙන් කටයුතු කරන කොමාණ්ඩර්, රෙසා බොද්ධගී මහතා ඇතුළු ලුතිනන් කොමාණ්ඩර් මහ්මූද් බද්වී, ලුතිනන් කොමාණ්ඩර් හසන් බේගී, ලුතිනන් කොමාණ්ඩර් මොහොමඩ් ගර් රහ්නාමා යන අණදෙන නිලධාරීවරුන් අද (පෙබරවාරි 16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
16 Feb 2019
තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 14) නීතිව්රෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ රියුනියන් දිවයින වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර තිස්සමහාරාම නගරයේ ලැගුම් හලක් තුල සැඟව සිටි පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.
15 Feb 2019