වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපතිතුමා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු යුරි බී. මැතේරි මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ (අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

04 Apr 2019

කැස්බෑ මස් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 03) ඩෙල්ෆ්, කුඩාවේලි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 4.5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

03 Apr 2019

කොළඹ තුන්වන හරස් විදියේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

කොළඹ, තුන්වන හරස් විදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් නිවා දැමිමට නාවික හමුදා ගිනි නිවිමේ කණ්ඩායමක් අද ( අප්‍රේල් 03) සහාය ලබා දෙන ලදී.

03 Apr 2019

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ යන නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 03) කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

03 Apr 2019

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 02) කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව අද (අප්‍රේල් 03) සිය නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.

03 Apr 2019

නාවික හමුදාව මඩකළපුව කළපු ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 03) මඩකළපුව, කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් ධීවර දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

03 Apr 2019

07 වන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව සාර්ථකව නිමා වේ

ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් 07 වන වරටත් සංවිධානය කරන ලද අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 02) ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

03 Apr 2019

‘මොන්ට්රොස්’ නෞකාවේ අණදෙන නිලධාරිතුමා නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා ඊයේ (අප්‍රේල් 02) කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් කෝනර් ඕනේල් නිලධාරිතුමා අද (අප්‍රේල් 03) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

03 Apr 2019

‘බක්මහ දිවුරුම’ ලබා දෙමින් මතින් නිදහස් රටක් වෙනුවෙන් කැපවන බවට නාවික හමුදාව දිවුරුම් දෙයි

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දුන් ‘බක්මහ දිවුරුම’ අද (අප්‍රේල් 03) උදෑසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ද සහභාගී විය.

03 Apr 2019

‘යොවුන් පුරය 2019’ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා දායකත්වය

ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කල ‘යොවුන් පුරය 2019’ අධ්‍යාපනික වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය මෙවර 10 වන වරටත් පසුගිය මාර්තු 27 වන දින සිට 30 වන දින හම්බන්තොට, වීරවිල පශු සම්පත් මධ්‍යස්ථාන භූමියේදී පැවැත්විණි.

02 Apr 2019