වැදගත් සිදුවීම්

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 07) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

07 Sep 2019

සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් හබරාදූව වෙරළ තීරය පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (සැප්තැම්බර් 07) දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් හබරාදූව වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

07 Sep 2019

නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික පූජාව අති උත්කර්ශවත් අයුරින් පවත්වයි

ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේ පිහිටි ගණදෙවි කෝවිලේ වාර්ෂික ගණදෙවි පූජාව 2019 සැප්තැම්බර් 02 සහ 03 යන දිනයන්හිදී පැවැත්වුණු අතර, ඒ වෙනුවෙන් නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ ගණ දෙවියන්ගේ ප්‍රතිමාව රැගත් අලංකාරවත් පෙරහැරක් ද සංවිධානය කර තිබුණි.

06 Sep 2019

කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ කල්මුණේ සුරාබදු කාර්යාලය එක්ව 2019 සැප්තැම්බර් 05 වන දින අක්කෙරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Sep 2019

බීඩී කොළ කිලෝග්‍රෑම් 192.5 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකු කොටු කර ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 සැප්තැම්බර් 05 වන දින මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී බීඩී ‍කොළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

06 Sep 2019

වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින් උස්වැටකෙයියාව වෙරළ තිරයේදී පවත්වයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ තවත් වැඩසටහනක් අද (සැප්තැම්බර් 05) උස්වැටකෙයියාව වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

05 Sep 2019

‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලිය ත්‍රිකුණාමලයේදී ආරම්භවේ

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘ආඥාපති කුසලාන’ රුවල් යාත්‍රා තරඟාවලියේ සමාරම්භක උත්සවය 2019 සැප්තැම්බර් 04 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩිබේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මර්ණ රුවල් යාත්‍රා සමාජයේදී ආරම්භ කරන ලදී.

05 Sep 2019

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2019 සඳහා සිඳුරළ සහ සුරනිමිල නෞකාවන් ඉන්දියාව බලා පිටත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයට (Sri Lanka India Naval Exercise - SLINEX 2019) සහභාගි වීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ සහ ‘සුරනිමිල’ යන නෞකාවන් අද (සැප්තැම්බර් 05) ත්‍රීකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය. මෙම නෞකාවන් වරායෙන් පිටත්වීම නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ සිදු කෙරුණි.

05 Sep 2019

නීති විරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 සැප්තැම්බර් 03 වන දින කල්මුණේ, සයින්දුමරුදු ප්‍රදේශයේදී විදේශීය දුම්වැටි පැකට් 10 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

04 Sep 2019

රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැ‍ගෙන ඒමට නාවික හමුදා සහාය

මුහුදේදී රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (සැප්තැම්බර් 04) නාවික හමුදාව කටයුතු කරන ලදී.

04 Sep 2019