නාවික හමුදා කථික තරඟාවලිය 2019 කොළඹදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මගින් සිව්වන වරටත් සංවිධානය කරනු ලැබු 2019 නාවික හමුදා කථික තරඟාවලිය 2019 ඔක්තෝබර් 29 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රම’ ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. ඒ සඳහා සියළුම විධානයන් නියෝජනය කරමින් නිලධාරින් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
30 Oct 2019
ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 10 ක් ප්‍රජා අයිතියට පත් කෙරේ
ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වේ

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සංකල්පයකට අනුව, මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙල අද (2019 ඔක්තෝබර් 29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අතිගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වීය.
29 Oct 2019