වැදගත් සිදුවීම්

අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් අද (ඔක්තොබර් 23) අළුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.

23 Oct 2019

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද යාපනය, මන්ඩතිව් දුපතේ පෙර පාසල විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, මන්ඩතිව් දුපතේ අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල 2019 ඔක්තෝබර් 22 වන දින මණ්ඩතිව්, සහකාර ප්‍රා‍දේශිය ලේකම්, එස් රජිව් මහතා විසින් විවෘත කෙරුණි.

23 Oct 2019

බලපත්‍ර නොමැතිව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සමඟ පුද්ගලයින් 12 දෙනෙකු නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මුලතිව්, සහකාර ධිවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව මුලතිව්, පුදුමාතලන් වෙරළ තීරයේ සිදු කල වැටලීමකදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

23 Oct 2019

ගාලු කතිකාව 2019 සඳහා සහභාගීවූ තවත් විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් රැසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ ගාලු මුවදොර හෝට‍ලයේ පවත්වන ලද 2019 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විදේශීය රටවල්වල ආරක්‍ෂක ප්‍රධානීන් 2019 ඔක්තෝබර් 22 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

23 Oct 2019

නාවික හමුදාව විසින් නැගෙනහිර මුහුදු ප්‍රදේශයෙන් තහනම් දැලක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 22 වන දින අළුයම ත්‍රිකුණාමලය, පොඩුවකට්ටු ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැලක් සොයා ගැනීමට සමත්ව ඇති අතර,

23 Oct 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක් සිඳුරළ නෞකාවෙදී පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 ඔක්තෝබර් 20 වන දින ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී.

22 Oct 2019

නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුදානම් විම: දශකයක සමාලෝචනය සමඟින් 2019 ගාලු කතිකාව සාර්ථකව නිමාවට පත්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව දස වන වරටත් සංවිධානය කරනු ලැබූ ගාලු කතිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය 2019 ඔක්තෝබර් 22 වන දින කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.

22 Oct 2019

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට

නාවික හමුදාව පුල්මුඩේ, කෝකිලායි මුහුදු‍ ප්‍රදේශයේ 2019 ඔක්තෝබර් 21 වන දින සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හයදෙනෙකු (06) නාවික හමුදා බාරයට ගෙන නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත.

22 Oct 2019

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 340 ක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, නල්ලූර් වෙරළ තීරයේ සහ මන්නාරම, වංකාලේ ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීම් අතරතුරදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.

22 Oct 2019

නාවික හමුදාධිපතිතුමා සහ විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක්

කොළඹ, ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ කරන ලද ගාලු කථිකාව 2019 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි විදේශීය ආරක්‍ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු 2019 ඔක්තෝබර් 21 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

22 Oct 2019