වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් විදේශීය වෙළඳ නෞකාවක සිටි කොරෝනා වෛරසය ආසාධිත යැයි සැක කෙරෙන නාවිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට රැගෙන එයි.

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාධිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 13) අළුයම් කාලයේදී කටයුතු කරන ලදි.

13 Apr 2020

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙයි

වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2020 අප්‍රේල් 12 වන දින උතුරු නාවික විධාන මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදී.

13 Apr 2020

ගිංතොට ප්‍රදේශයට පැම්ණි කිඹුලකු නිරුපද්‍රිතව අල්ලා වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගාල්ල ගිංග‍ඟෙහි එලන ලද දැලක පැටලී ගිංතොට ‍දෙසට පැමිණී කිඹුලකු ප්‍රදේශවාසීන් සමග එක්ව නිරුපද්‍රිතව අල්ලා ගාල්ල වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නාවික හමුදාව අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි.

12 Apr 2020

රාගම සහ වැලිසර රෝහල්හි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 27ක් මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයෙන් සොයා ගන්නා ලද කෙරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි රෝහල් සෞඛය සේවක කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකු හට වෛරසය ආසාධනය විම හේතුවෙන් එම රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 22ක් සහ වැලිසර ළය රෝහලෙහි සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලයේ 05ක් අද (2020 අප්‍රේල් 12) මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.

12 Apr 2020

නාවික හමුදාව විසින් බෙල්ලන්විල රජමහා විහාරයේ විෂබීජහරණ වැඩසටහනක් සිදු කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන තවත් විෂබීජහරණ වැඩසටහනක් අද (2020 අප්‍රේල් 12) බෙල්ලන්විල රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

12 Apr 2020

ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයෙන් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනයට යොමු කළ 28 දෙනා සමග සමීප සබඳකම් පැවැත්වූ තවත් 52 ක් නාවික හමුදා භාරයට ගැනේ.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා ඔලුවිල් හි පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි .

12 Apr 2020

නාවික හමුදාවේ දෙවැනි මෙඩි මේට් (Medi mate) යන්ත්‍රය කළුබොවිල රෝහලට.

ශ්‍රී ලංකා නවික හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තවත් මෙඩි මේට් (Medi mate) ස්වයංක්‍රීය උපකරණයක් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල වෙත ලබා දීමට අද (2020 අප්‍රේල් 12) කටයුතු කරන ලදි.

12 Apr 2020

ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මා‍ලාවේ තවත් වැඩසටහන් දෙකක් (02) 2020 අප්‍රේල් 11 වන දින ඛෙත්තාරාම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහල් නිවාසයන් කේන්ද්‍ර කර ගනිමින් පවත් වන ලදි.

12 Apr 2020

කඩොලාන ශාක කැපු පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 11 වන දින මන්නාරම, මුන්දලම්පිඩ්ඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

12 Apr 2020

විදේශීය වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව 2020 අප්‍රේල් 11 වන දින කටයුතු කරන ලදි.

12 Apr 2020