වැදගත් සිදුවීම්

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාධිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා 2020 මැයි 03 වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

04 May 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහනක් කොටවෙහෙර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් යටතේ 2020 මැයි 03 වන දින කුරුණැගල දිස්ත්‍රික්කයේ, කොටවෙහෙර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ දිගන්නෑව හා කුඹුක්වැව යන ගම්මාන විෂබීජහරණය කිරීමට කටයුතු කරන ලදි.

03 May 2020

නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි 02 වන දින මුන්දම්පිඩ්ඩි, පෙරියආරු ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06ක් සහ ධීවර යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

03 May 2020

හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ ගාල්ල, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි 02 වන දින ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

03 May 2020

ලීසන්ස් රෝහල ‘මනුසත් දෙරණ’ හා එක්ව නාවික හමුදාව වෙත අවශ්‍ය පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය පානීය ජල බෝතල් සහ ජල පෙරණ යන්ත්‍ර ‘Water Dispenser’ තොගයක් ලීසන්ස් රෝහල සහ ‘මනුසත් දෙරණ’ එක්ව නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 මැයි 02) නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.

02 May 2020

නාවික හමුදාව විසින් පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගනී.

නාවික හමුදාව 2020 මැයි මස 01 වන දින මන්නාරම, නච්චිකුඩා වෙරළ තීරයට ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී පුපුරා නොගිය මිමී 155 වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් (01) සොයා ගැනීමට සමත් විය.

02 May 2020

සීදූව, ‘සන්හිල්’ හෝටලය නාවික හමුදා පුද්ගලයින් සඳහා නවාතැන් ගැනීමට නාවික හමුදාව වෙත ලබා දෙයි.

සීදූව ප්‍රදේශයේ පිහිටි සන්හිල් සමූහ ව්‍යාපාරයට (Sunhill Group of Companies Pvt Ltd) අයත් කාමර 23 කින් සමන්විත ‘සන්හිල්’ හෝටලය නාවික හමුදා පුද්ගලයින් හට නවාතැන් පහසුකම් ලබා ගැනීම සඳහා නිලවශයෙන් භාරදීම අද (2020 මැයි 02) සිදු කරන ලදි.

02 May 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 06 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 06 දෙනෙකු 2020 මැයි 01 වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

02 May 2020

නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුමක් මගින් කේරළ ගංජා සමඟ පුද්ගලයන් පස්දෙනෙකු (05) අත් අඩංගුවට,

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි 01 වන දින ත්‍රිකුණාමලය, තෝපූර් සෙල්වනගර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙක් (05) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

02 May 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 01 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

02 May 2020